රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
ඉදිරි දිනවලදී රෝහින්ග්‍යා සංක්‍රමණිකයින් ලක්ෂයක් මෙරටට පැමිණිය හැකි බවට තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල ඊයේ (8) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.
එම අනවසර සංක්‍රමණිකයින් පැමිණීම සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා කර ඇති බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ ය.
මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට ඉකුත් දෙසැම්බර් 19 වන දා දරුවන් 45 දෙනෙක්, කාන්තාවන් 24 දෙනෙක් හා පිරිමි පුද්ගලයින් 46 දෙනෙක් ඇතුළු රෝහින්ග්‍යා සංක්‍රමණිකයින් 115 දෙනෙකු රැගත් බෝට්ටුවක් පැමිණ තිබිණි.
නාවික හමුදාව අදාළ බෝට්ටුව ත්‍රිකුණාමලය වෙත රැගෙන යාමෙන් පසු අධිකරණ නියෝග යටතේ පුද්ගලයින් 103 දෙනෙක් දෙසැම්බර් 23 වන දා මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණි.
"ඔවුන් මුදල් ගෙවලා තමයි මේ ජාවාරමට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔවුන් එරට මුදලින් ලක්ෂ 500ක් පමණ ගෙවලා තියෙනවා. ඊට අමතරව මේ ගමනාගමනය සඳහා ඒ රටේ මුදලින් ලක්ෂ 800ක් පමණ සංවිධායකයින්ට ගෙවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පොලිසියෙන් විමර්ශනයක් කරගෙන යනවා.
"ඔවුන් සරණාගතයින් ලෙස හඳුනාගන්නේ නම් ඒ අනුව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කරන්නත් අපි සූදානම්. මේ වෙනකොට ඔවුන්ට අවශ්‍ය පහසුකම් කෑමබීම ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා අපි දීලා තියෙනවා."
"දැනට පොලීසිය පවත්වාගෙන යන විමර්ශන අනුව සහ බුද්ධි අංශ වාර්තා කරලා තියෙන කරුණු අනුව මෙවැනි අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අපේ රටේ සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනාගන්නවා," යනුවෙන් අමාත්‍ය ආනන්ද විජේපාල ජනවාරි 8 වන දා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.