මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මැතිඇමතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීමට අදාළව කේ. ටී. චිත්රසිරි කමිටු වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (03) සඳහන් කළේය.
ඒ කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී යි.
"ජනාධිපතිවරයා පත්වූ පසු කමිටුවක් පත් කළා..මැතිඇමතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතාගේ සභාපතීත්වයෙන්. ඔවුන්ගේ වාර්තාව ඊයේ ජනාධිපතිතුමාට බාර දුන්නා. ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්නවා."
"ඒ වාර්තාවේ සඳහන් වෙනවා. ඔවුන් නිර්දේශ කරලා තියෙනවා යම් යම් වරප්‍රසාද කොහොමද සීමා කරන්නේ කියන එක පිළිබඳව. මේ සියල්ල අපි එකට සලකා බලන්නේ."
මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්රසිරි කමිටු වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඊයේ (02) භාරදී තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.