කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති CID අත්අඩංගුවට
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නව රජය මේ දක්වා කිසිදු මුදල් මුද්‍රණය කිරීමක් සිදු කර නොමැති බවත් කිසිදු විදේශ ආයතනයකින් විදේශ ණයක් ලබා ගෙන නොමැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසයි.
අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව පැවසීය.
"සාමාණ්‍යයෙන් මහ බැංකුවේ ක්‍රමවේදයක් තියෙනවා භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර කල්කුත් වෙනකොට ඊට සමානුපාතිකව අලුත් ඒවා නිකුත් කරන එක. ඒ ක්‍රියාවලිය හැමදාම සිද්ද වෙන දෙයක්. ඒ වගේම මුදල් අච්චු ගැසීම ගත්තොත් ඇත්තටම අලුතින් මුදල් අච්චු ගැසීමක් කරලා නැහැ, කරන්න බෑ ඒක පැහැදිළිව තියෙනවා අලුතින් මුදල් අච්චු ගහන්න බෑ කියලා. අපිත් ආසයි එතුමාගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දකින්න හැබැයි තාම නම් එහෙම එකක් නිකුත් වෙලා නෑ. ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක්"
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.