මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කර ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල සඳහන් කළේ, ඒ සඳහා කොට්ඨාස භාර පශු වෛද්‍යවරයෙකුගෙන් සෞඛ්‍ය සහතිකය ලබා ගත යුතු බවයි.
කෙසේ වෙතත් පවතින තත්ත්වය පාලනය සම්බන්ධයෙන් ඌරු ගොවිපල හිමියන් සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ද ඇය සඳහන් කළා ය.
මේ දිනවල ඌරන් අතර ප්‍රජනන හා ස්වසන පද්ධතිය ආශ්රිත වෛරස් රෝගයක් පැතිරෙමින් ඇති අතර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර , වයඹ හා උතුරු මැද පළාත් ඇතුළු ප්‍රදේශ රැසකින් රෝගය වැළදුණු ඌරන් හඳුනා ගෙන ඇති බවයි.
රෝගය වැළඳී මිය ගිය ඌරන්ගේ මස් අනුභව කිරීමෙන් වළකින ලෙස ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.