මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 30 දෙනෙකු මේ වන විට සිය වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.
එහි ප්‍රකාශකයෙකු පැවසුවේ අද (13) පස්වරුව වන විට එම අපේක්ෂකයින් අදාළ වාර්තා භාරදී තිබූ බවය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ලබාදීමට ඇති කාලය අද මධ්‍යම රාත්‍රී 12න් අවසන් වේ.
එම කාලය තුළ අදාළ වාර්තා ලබා නොදෙන අපේක්ෂයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
ඒ අනුව අද පස්වරුව වන විටත් අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂ සිය වියදම් වාර්තා ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ සිටි බව වාර්තා විය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 24ක් ද සිය වියදම් වාර්තා ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.
මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (14) දිනයේ සිදුකිරීමට නියමිතව ඇත.
හෙට දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන ඡන්දදායකයින් සඳහා ලබන 18 වන දින ඒ සඳහා අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඔක්තෝබර් 26 වනදා පැවැත්වීමට නියමිතය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.