දිවයිනේ ඇතැම් ස්ථානවලට අදත් (16) මිලිමීටර් 100 ඉක්ම වූ වැසි
අද දිනයේ පස්වරු එකෙන් පසුව දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රාජ්‍ය ආයතනවලින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ සහ අමාත්‍යවරුන්ගේ ඡායාරූප හා පණිවුඩ යොදා ගැනීමේදී පූර්ව ලිඛිත අවසරයක් ලබාගත යුතු බව දැනුම් දී තිබේ.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිපි යොමු කරමින් මේ බව දැනුම් දී ඇත.
රජයේ ප්‍රතිපත්තීන්ට හා ඉදිරි දැක්මට අනුකුල වීම සඳහා ප්රශස්තව රාජ්‍ය මූල්‍ය පරිහරණය කිරීම වෙනුවෙන් එම තීරණය ගෙන තිබේ.
ඒ අනුව අග්‍රාමාත්‍යවරියගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේදී අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබාගත යුතුය.
අමාත්‍යවරුන් වෙනුවෙන් අදාළ අමාත්‍යාංශයෙන් අවසර ගත යුතු බව, අග්‍රාමාත්‍ය ලේකම්වරයා දැනුම් දෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අද දිනයේ පස්වරු එකෙන් පසුව දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසික් අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් "ගණේමුල්ල සංජීව" ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු ශ්‍රී ලාංකිකයන් පස් දෙනා දිවයිනට රැගෙන සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙකු නේපාලය බලා පිටත්ව ගොස් තිබේ.