මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
පසුගිය ඉරිදා පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න තුනක් විධිමත් පරීක්ෂණයකින් අනතුරුව ඉවත් කිරීමට විභාග කොමසාරිස්වරයා තීරණය කර තිබේ.
අප කළ විමසීමක දී ඔහු පවසා සිටියේ, ශිෂ්‍යත්ව විභාගයේ පළමු පත්‍රයට සමාන ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ වට්ස්ඇප් ගෘප්වල සැරිසරන බවට වූ පැමිණිලි මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම තීරණය ගත් බවය.
ඒ අනුව හෙට (18) දිනයේ ප්‍රශ්න පත්‍ර පරීක්ෂකවරුන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට පිටත්ව යන බවත් ඉන් අනතුරුව සිදුකරන ලද විධිමත් විමර්ශනයකින් අනතුරුව අදාළ මතභේදයට තුඩුදුන් ප්‍රශ්න 3 ඉවත් කිරීමට කටයුතු කරන බවත් විභාග කොමසාරිස්වයා වැඩිදුරටත් සඳහන් කළේය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.